ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියට අනුව පැවරී ඇති බලතල මත ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු කමිටුවක් පත්කර තිබේ.
ඒ සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු ද අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
අදාළ අතුරු කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර ඇති අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් ,විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රකිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්ඩීන් යන අය සෙසු සාමාජිකයන් වේ..
අදාළ නිවේදනය පහතින්.


