ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමාගමේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කරනවා.
ඒ අනුව මෙම මස තුළ ලාෆ් ගෑස් මිල වැඩි වීමක් සිදුනොවන අතර පෙර පැවති මිලටම ලාෆ්ස් ගෑස් මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.
ලාෆ් ගෑස් කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,985ක් වන අතර කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595ක් වනවා.

