පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුලු ප්රධාන ජලාශ 18ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පවසනවා.
එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්රයෙන් ඉහළ යමින් පවතින බවයි ඇය සඳහන් කළේ.
ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම 50% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි අට ලක්ෂ 15 ඉක්මවා ඇති බවත් ඇය වැඩිදුරටත් පවසනවා.

