කොළඹ විහාරමහා දේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවී උද්‍යානය 2011 වසරේදී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගනු ලැබුවා.
ඕනෑම දේපළක් සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ හැකියාවක් ඇති අතර සංවර්ධනය කිරීමෙන් පසු එම දේපල පැවති ආයතනයටම ලබා දිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරී පනතේ 50 වන වගන්තියට අනුව නවීකරණය කරන ලද විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරා තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහා දේවී උද්‍යානය නවීකරණය කර 2013 වසරේදී විවෘත කෙරිණි.

