බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල පාර වැසේ

කොළඹ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදුබඩ මාර්ගය අද සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ඇති මගී ගුවන් පාලමේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

මෙනිසා එම ස්ථානයෙන් ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය උපදෙස් ලබා දී තිබෙනවා.