ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව අද පැවති තරඟයේ දී ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සිය 49 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දු 121කින් ලකුණු 101ක් රැස් කර ගනු ලැබුවා.
මේ සමඟ මින් පෙර ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්දුල්කාන් විසින් තබා තිබූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලබා ගෙන ඇති උපරිම ශතක සංඛ්‍යාව වන ශතක 49 වාර්තාවට සමාන වීමට ඔහුට හැකියාව ලැබුණා.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෝලි පවසා සිටියේ ඔහුගේ ක්‍රිකට් ලෝකයේ වීරයාගේ වාර්තාවට සම කිරීමට හැකි වීම ගැන තමන් සතුටු වන බවයි. එසේම තමන් කිසිදාක තෙන්දුල්කාන් වැනි දක්ෂයෙක් නොවන බවත් ඔහු මෙහි දී සඳහන් කර තිබෙනවා.
කෝලි ගේ මෙම ජයග්‍රහණයට සුබ පතමින් තෙන්දුල්කාන් X හි සටහන් කර ඇත්තේ ඉක්මනින්ම ඔහුගේ වාර්තාව අභිබවා යන ලෙසයි.
මෙම වාර්තාවත් සමඟ අද තරඟය ලකුණු 243කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වූ අතර ඒ අනුව ඔවුන් 2023 ICC ලෝක කුසලානයේ මෙම වටයේ දී මුහුණ දුන් තරඟ සියල්ලම ජයග්‍රහණය කළ එකම කණ්ඩායම බවට පත් වනවා.

