ජන සංගණනයෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි

ජන සංගණන කාර්යයේ නිරත වීම සඳහා නිසි දීමනාවක් ලබාදෙන තුරු ඉන් ඉවත් ව සිටීමට තීරණය කළ බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

බලධාරීන් සහ ජන සංගණන දෙපාර්තමේන්තුව දීමනා ලබාදීම් සම්බන්ධයෙන් අත්තනෝමතික ව කටයුතු කරමින් සිටින බව යි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා අවධාරණය කරන්නේ.

දැනට ජන සංගණනයේ මූලික අදියර වන සිතියම්ගත කිරීමේ කටයුතු සිදු කර ඇතැයි සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම්වරයා සඳහන් කරනවා.