පොර්ලන්තය සහ ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

ස්විට්සර්ලන්ත ගුවන් සේවයක් වන “Edelweiss Air” සහ පෝලන්ත ගුවන් සේවයක් වන “Enter Air” ගුවන් සේවය අද ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් (Charter flights) ආරම්භ කරනු ලැබුවා.

Enter Air ගුවන් යානය සිය පළමු ගමනේ දී ම සංචාරකයන් 206ක් කැටිව පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේම ස්විට්සර්ලන්තයේ Edelweiss Air යානයෙන් සංචාරකයන් 221ක් දෙනෙක් පැමිණ තිබෙනවා.

අද සිට 2024 මැයි 17 වනදා දක්වා සෑම දින 10කට වරක් ම මෙම ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ගුවන්තොටුපල සහ ගුවන් සේවා ආයතනය පැවසුවේ.