නියඟය සහ ගංවතුර හේතුවෙන් වගා හානියට පත් ගොවීන් 65,000කට වන්දි ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ වන්දි මුදල් ලබා දීම ලබන මස අග වන විට ආරම්භ කරන බවයි.
ඒ අනුව මෙහි දී හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් බැගින් වන්දි ලබා දීමට නියමිත යි.

