පවතින දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ වන විට දුම්රිය රියදුරන් 150ක් ගේ පමණ හිඟයක් පවතින බවයි වාර්තා වෙන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසා තිබෙන්නේ දුම්රිය නියමිත පරිදි ධාවනය කර ගැනීම සඳහා ඇතැම් රියදුරන්ට නිවාඩු නොගෙන රාජකාරි සිදු කිරීමට වන බවයි.
එසේම ඇතැම් අවස්ථාවලදී දුම්රිය සේවකයන් ධාවන කටයුතු සඳහා උසස් වීම් ලබාදී යොමු කළ ද මෙම හිඟය තවදුරටත් විශාල ගැටළුවක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
මෙලෙස බඳවා ගනු ලබන බව රියදුරන්, පරිපූර්ණ රියදුරෙකු ලෙස පත් කිරීමට වසර 4 ක කාලයක් පමණ ගත වනු ලබනවා.

