අද පස්වරු 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වෙන්නේ අද සවස් කාලයේ ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.
එසේම බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක මිලිමීටර් 100ක පමණ තදවැසි හෝ ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවින් පරික්ෂාකාරීව කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දීමක් කරනවා.


