ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වහා මානුෂීය සටන් විරාමයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසියේ දී සම්මත වී තිබෙනවා.
සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මෙම මණ්ඩලයට අරාබි රටවල් 22 ක කණ්ඩායමක් විසින් ඊට අදාළ කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනාවට රටවල් 120 ක් පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 14ක් පමණි.
එසේම තවත් රටවල් 45ක් ඡන්දය ලබා දීමෙන් වැලකි සිට තිබෙනවා.
ඊශ්‍රායලය සහ ඇමරිකාව මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ජෝර්දාන විදේශ අමාත්‍ය අයිමන් සෆාඩි කියා සිටියේ මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දීම යනු ගාසා තීරයේ සිදු වන ඝාතනයන් අනුමත කිරීමක් බවයි.

