වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවල අවශ්‍යතා ගැසට් කරයි

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා සම්බන්ධයෙන් රජය නිවේදනය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇත.

ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් සිදුකළ යුතු වනවා,

එම අයෝජකයාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් ද තිබිය යුතුයි.

එසේම තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අමෙරිකානු ඩොලර් මිලියන 07ක අවම අයෝජනයක් සිදුකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.