මින් පෙර Twitter ලෙස හැඳින්වූ X සමාජ මාධ්‍ය විසින් සිය පරිශීලකයන්ට අලුත් අත්දැකීමක් එකතු කරමින් Audio සහ Video call පහසුකම හඳුන්වා දී තිබෙනවා.
දැනට එය iOS පරිශීලක X Premium (Twitter Blue) ගිණුම් ඇති පරිශීලකයන් සඳහා පමණක් හඳුන්වා දී ඇති අතර නුදුරේ දී ම Android සඳහා ද මෙම විශේෂාංගය ලබා දීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
සාමාන්‍ය X ගිණුම් භාවිතා කරන පරිශීලකයන්ට ඔවුන් වෙත පැමිණෙන ඇමතුම් receive කිරීමේ හැකියාව මෙහි දී ලබා දී තිබෙනවා.
Direct Messaging settings හරහා පරිශීලකයන්ට තමන්ව සම්බන්ධ කර ගත හැකි අයව තෝරා ගත හැකි වන අතර spam calls වලක්වා ගැනීම සඳහා එය උපකාරී වනු ඇති බවයි X පවසන්නේ.
එසේම ඕනෑම ආකාරයක ඇමතුමක් ලබා ගැනීම සඳහා දෙපාර්ශවය විසින් ම අවම වශයෙන් එක් වරක්වත් Direct message හුවමාරු කර තිබිය යුතු වනවා.

