බීඩි කොළ ආනයනයේ දී සිදුවන වංචා හේතුවෙන් රජයට අහිමි වූ බදු මුදල නිසි පරිදි ලබාගැනීම සඳහා බදු සංශෝධනයක් සිදු කරන බව බදු සංශෝධනයක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බීඩි කොළ ආනයනයේදී බීඩි කොළ කිලෝවක් සඳහා රුපියල් 5,000ක ඉහළ බද්දක් අයකිරීම හේතුවෙන් බීඩි කොළ ආනයනයෙන් 75%ක්ම සිදුවන්නේ අනියම් ක්‍රම මඟින් බවයි.
මේ හේතුවෙන් රුපියල් 5,000ක් වූ බීඩි කොළ ආනයන බද්ද කිලෝවට රුපියල් 250ක් දක්වා අඩුකිරීමටත් ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 2.00ක්වූ බදු මුදල බීඩියකට රුපියල් 3.50ක් දක්වා ඉහළ දැමීමටත් පියවර ගෙන තිබෙනවා.
එසේම සුළු පරිමාණ වශයෙන් බීඩි නිෂ්පාදනය කරන පිරිස ලියාපදිංචි කොට ඉන් එම පිරිස යම් නියාමනයකට ලක්කර ඔවුන්ට යම් ආවරණයක් සැලසීමට රජයේ අවධානය යොමු වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

