ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය වෙයි

ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

එහි දී ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් නව ගාස්තු සටහන් කර තිබෙනවා.

එසේම මින් පෙර රුපියල් 10,000ක් ව පැවති ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුව, නව සංශෝධනය යටතේ රුපියල් 15,000ක් ලෙස දක්වා තිබෙනවා.

අදාළ ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව රුපියල් 3,000ක් ලෙස ඉහළ දමා තිබෙනවා.