චීන ආක්‍රමණයකට එරෙහිව ඇමරිකාවේ සහය පිලිපීනයට

චීන රජය විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කළහොත් තමන් පිලිපීනයට සහය දක්වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීනයට අනතුරු අඟවා තිබෙනවා.

දකුණු චීන මුහුදේදී පිලිපීන නෞකාවක් සහ චීන නෞකාවක් අතර හටගත් ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

එහි දී බයිඩන් අවධාරණය කළේ පිලිපීනයේ ආරක්ෂාව සඳහා ඇමරිකාව යකඩ ආවරණයක් ලෙස කැප වෙන බවයි.

1951 දී අත්සන් කරන ලද අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමට අනුව සන්නද්ධ ප්‍රහාරයකදී එකිනෙකා ආරක්ෂා කිරීමට ඇමරිකාව සහ එහි පැරණි යටත් විජිතයක් වන පිලිපීනය බැඳී සිටිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මාඕ නින්ග් පැවසුවේ චීනය සහ පිලිපීනය අතර ගැටලුවකට මැදිහත් වීමට එක්සත් ජනපදයට අයිතියක් නොමැති බවයි.