2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය බැංගලෝර්හි චින්නස්වාමි ක්රීඩාංගණයේදී අද පැවත්වුනා.
කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 33යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 156ක් පමණකි.
ඒ අනුව ලකුණු 157 ක ජයග්රාහී ඉලක්කයක් හඹා යමින් පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 25යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබාගනිමින් තරඟයේ ජයග්රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී පන්දු 83කදී ලකුණු 77ක් රැස් කළ අතර සදීර සමරවික්රම නොදැවී පන්දු 54කදී ලකුණු 65ක් රැස් කරනු ලැබුවා.

