රටවල් 07ක සංචාරකයන්ට වීසා නොමැතිව සංචාරයට ඉඩ

රටවල් 07කින් පැමිණෙන සංචාරකයන්ට වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට මෙලෙස වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හැකි වෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මෙය 2024 මාර්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියක කොටසක් බවයි.

මෙම පියවර තුලින් එම රටවල් හතෙන් වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.