ගෙම්බන්ගේ ලේ උරා බොන නව මදුරු විශේෂයක් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තා වෙනවා.
කීට විද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා පැවසුවේ, Uranotaenia Trilineata ලෙස හඳුනාගෙන ඇති එම විශේෂය දැනට ශ්‍රී ලංකාවේ වාර්තා වන කුඩාම මදුරු විශේෂය වන බවයි.
එම මදුරුවන් මිලිමීටර් 2ත් 3ත් අතර ප්‍රමාණයකින් යුක්ත වන අතර මෙම නව වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති මදුරු විශේෂ සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට වසර 108 කට පමණ පෙර දකුණු කොරියාවෙන් සොයාගත් මෙම මදුරු විශේෂය පසුව තායිලන්තයෙන් සහ ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

