මාලදිවයින තුළ දැනට රඳවා සිටින ඉන්දීය හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ආචාර්ය මොහොමඩ් මියුසි දැනුම් දී තිබෙනවා.
ඔහු BBC සමඟ පැවතී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී සඳහන් කර තිබෙන්නේ සිය ජයග්රහණයෙන් දින කිහිපයකට පසු මාලදිවයිනේ ඉන්දීය තානාපතිවරයා වෙත එය දැනුම් දීමට කටයුතු කළ බවයි.
මාලදිවයින දිගු කලක් තිස්සේ ඉන්දියාව සමඟ සමීපව ගනුදෙනු කරන අතර මුයිසු ගේ මෙම ඉල්ලීම රටවල් අතර රාජතාන්ත්රික අර්බුධ ඇති කිරීමට හේතු විය හැකි බවයි විචාරකයන් අදහස් දක්වන්නේ.
මොහොමඩ් මියුසි ලබන නොවැම්බරයේ ජනාධිපති ධූරයේ දිව්රුම් දීමට නියමිත යි.

