දෙමළ දේශපාලන පක්ෂ 07 විසින් ඒකබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අද දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.
මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමිනුයි මෙය ක්‍රියාත්මක කර තිබෙන්නේ.
එසේම උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් බෞද්ධ පන්සල් ඉදිකිරීමට සහ මඩකලපුව,මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ජාතික කිරිගොවින් භාවිත කළ ඉඩම් සිංහල ජනතාවට ලබාදීම සඳහා ද මෙහි දී විරෝධය පළ කිරීමක් සිදු කිරීමට නියමිත යි.

