2024 වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යයක් ලෙස ජනාධිපතිවරයා ප්රමුඛ රජය තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකාය මඟින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂි වූ යැන් නායක හාමුදුරුවන් වහන්සේ වෙත ‘ලෝකත්ථචාරී සංඝශෝභන ලන්කාභිමිත්ර ධම්ම ඝෝෂ’ යන ගෞරව නාමය පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙරටේ දූත පිරිස් හුවමාරු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

