ගාසා තීරයේ රෝහලකට දැවැන්ත ප්‍රහාරයක්

ගාසා තිරයේ Al Ahli රෝහලට එල්ල වූ ප්‍රහාරයකින් එහි සිටි රෝගීන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම ප්‍රහාරයෙන් තුවාල ලැබූ රෝගීන් පිරිසක් කඩිනමින් ප්‍රතිකාර සඳහා Shifa රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

හාමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් මෙලෙස රෝගීන් 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

කෙසේවෙතත් ඊශ්‍රායලය චෝදනා කරන්නේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් නම් කණ්ඩායමක් විසින් වැරදි ලෙස දියත් කරන ලද රොකට් ප්‍රහාර හේතුවෙන් මෙම ප්‍රහාරය රෝහලට එල්ල වී ඇති බවයි.

මේ වන විට ඊශ්‍රායල හමුදා අනතුරු ඇඟවීම්වලින් පසු අවම වශයෙන් පලස්තීනුවන් 600,000 ක් පමණ උතුරු ගාසා තීරයෙන් දකුණට පලා ගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් අරාබි නායකයින් සමඟ ජෝර්දානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.