රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ස්ථාපිත කොට අදට වසර 100 ක් සපිරෙනු ලබනවා.
ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැරණිතම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සැලකෙන අතර එය වෙස්ටිමිනිස්ට්ර් පාර්ලිමේන්තු ආකෘතිය අනුගමනය කරමින් ස්ථාපනය කර තිබෙනවා.
ඊ.ආර්. තම්බිමුත්තු මහතා විසින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට 1921 ඔක්තෝම්බර් 05 වැනි දින ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව 1923 ඔක්තෝම්බර් 17 වන දා රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාව පිහිටුවා එහි පළමු රැස්වීම පවත්වා තිබෙනවා.
ආරම්භයේ සිට මේ දක්වා සභාපතිවරු 33 දෙනෙක් සභාව මෙහෙයවා ඇති අතර වර්තමානයේ එම ධුරය හොබවන්නේ ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වනවා.

