යාපනයේ ඇඹුල් කෙසෙල් සහ අඹ ව්‍යාපෘති සාර්ථකව

නව කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ යාපනයේ ආරම්භ කර ඇති ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය සහ TEJC අඹ ව්‍යාපෘතිය මේ වනවිට ඉතාමත් සාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

අපනයනය ඉලක්ක කරගත් එම ව්‍යාපෘතිය යටතේ ඇඹුල් කෙසෙල් අක්කර 200 ක සහ අඹ අක්කර 500 ක වගා කර ඇති අතර, ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානය නිලවරෙයි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බව සඳහන්.

සෑම සතියකටම වරක් ඇඹුල් කෙසෙල් කිලෝ 10,000 ක් ඩුබායි වෙළඳපොලට යැවෙන අතර, ඉදිරියේදී ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400 ක් දක්වා ව්‍යාප්ත කිරීමටද සූදානම් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.