2023 පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීන අතර විභාගය මධ්‍යස්ථාන 2888ක දී පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන සියලු අපේක්ෂකයන් පෙරවරු 09 පමණ වන විට විභාග ශාලා වෙත පැමිණීම සිදු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර තිබෙනවා.
එසේම ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මාතර, අකුරැස්ස සහ මුලටියන අධ්‍යාපන කලාපවල විභාග අපේක්ෂකයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විභායට පෙනීසිටිමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසනවා.

