මේ වන විට අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි 8 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මෙතෙක් පරික්ෂා කරනු ලැබූ ගොඩනැගිලි 27 කින් 8 ක් මෙලෙස අවදානම් බව තහවුරු වී ඇති බවයි එහි සභාපති ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසූරියගෙන් කියා සිටියේ සුදුසු රසායනාගාර පරීක්ෂණයකින් අනතුරුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

