සතියක කාලයක් තුළ ඇෆ්ගනිස්තානයට වාර්තා වුණු තුන්වන භූ කම්පනය අද වාර්තා වී තිබෙනවා.
රිච්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයෙන් යුත් මෙම කම්පනය හෙරත් නගරය ආසන්නයේ කිලෝමීටර් 6.3 ක් ගැඹුරින් ඇති වූ බවයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.
මෙම කම්පනයේ කේන්ද්‍රය ඉරාන දේශසීමාවට ආසන්න ඇෆ්ගනිස්ථානයේ තුන්වන විශාලතම නගරය වන හේරත් සිට වයඹ දෙසින් කිලෝමීටර් 30 ක් දුරින් බවයි ඔවුන් වැඩිදුරටත් සිය වාර්තාවේ දක්වා තිබෙන්නේ.
එම භූ කම්පනය හේතුවෙන් ජිවිත හානි කිසිවක් දැනට වාර්තා වී නොමැත.
මීට පෙර ඇති වූ භූමිකම්පාවලින් විශාල පිරිසක් මිය ගිය අතර ඉන් 90% කට වඩා කාන්තාවන් සහ ළමයින් බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන UNICEF පවසන්නේ.

