තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඔක්තෝබර් මස 17 වනදා ඔක්තෝබර් 20 වනදා දක්වා වලංගු වන පරිදි තද වැසි සහ දකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම කාලය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශ ඇතුළු බොහෝ ඇතුළු බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට වැඩි තිව්‍රතාවයකින් යුතු මි.මී 100ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

අන්තර් නිවර්තන අභිසාරී කාලපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම් හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඒ අනුව ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන්ය.