ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කළ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලබන නොවැම්බර් මස 16ට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියම ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන සිදු කර තිබෙනවා.
රුපියල් කෝටි සියයකට අධික මුදල් වංචාවක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

