කාන්තාවක් සිරුරට ගිනි තබා ගනියි

හපුතලේ පොලිසිය තුලදී කාන්තාවක් ශරීරයට ගිනි තබා ගෙන තිබෙනවා.ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඇය පොලිසියට පැමිණ ඇති බව සඳහන්.කිසියම් ඉන්ධන වර්ගයක් ශරීරය මතට වත්කර ගැනීමෙන් අනතුරුව ඇය මෙලෙස ගිනි තබා ගෙන තිබෙනවා.කෙසේ වෙතත් එම කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.