ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

ප්‍රධාන ගංගා දෙකක් ආශ්‍රිතව නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය දක්වා ගිං සහ නිල්වලා යන ගංගා සඳහා නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් මෙලෙස දීර්ඝ කරනු ඇත.

එසේම ගිං ගඟේ ගංවතුර මට්ටම අඩුවෙමින් පැවතියද ඇතැම් ප්‍රදේශ සඳහා තවමත් ගංවතුර අවදානම් ඇති විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.