කිසිදු ඡන්දයක් කල් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – මහින්ද

ජනාධිපතිවරණය හෝ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කිසිදු මැතිවරණයක් කල් දැමිය යුතු නැතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ එලෙස පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දමන්නේ නම් එය වැරදි දෙයක් බවයි.

එසේම ජනතාවට ආර්ථික අපහසුතා පවතින බව තමන් පිළිගන්නා බව පැවසු හිටපු ජනාධිපතිවරයා ලබන නොවැම්බරයේ දී ඉදිරිපත් වන අයවැය වෙනුවෙන් තම කණ්ඩායම ජනතාව වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් බවයි සඳහන් කරන්නේ.