සයිනොපෙක් නිසා ඛනිජ තෙල් සංස්ථාවට දැනෙන පාඩුවක්

චීනයේ සයිනොපෙක් ඉන්ධන අලෙවිය ආරම්භ වීමත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවිය කැපී පෙනන ලෙස පහළ යාම හේතුවෙන් එහි ආදායම සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

මේ වන විට චීනයේ සයිනොපෙක් සමාගමේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 358කට අලෙවි වන අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 365කට අලෙවි වනවා.

මෙම තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය සඳහා මේ වන විට සෘජු බලපෑමක් එල්ල කර ඇති බවයි සංස්ථාව සඳහන් කරන්නේ.

එමෙන්ම මේ වන විට චීනයේ සයිනොපෙක් සමාගම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන හල් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා ලබාදී ඇති අතර තවත් ඉන්ධන හල් 50ක් පමණ ඔවුන් වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.