ශිෂ්‍යත්ව වැඩමුළු සහ පන්ති තහනම්

අද මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් ඊට අදාළ උපකාරක පන්ති, අදාළ සම්මන්ත්‍රණ, හා වැඩමුළු පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව‍යි දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

2023 ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වෙනි දා මධ්‍යස්ථාන 2888ක දී පැවත්වීමට නියමිතයි.