ගාසා තීරයේ පිහිටි එකම බලාගාරයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් එම බලාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වන බව පලස්තීන බලශක්ති අධිකාරිය නිවේදනය කරනවා.
හමාස් සංවිධාන ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයට ඉන්ධන, ඖෂධ සහ ආහාර සැපයීමට සම්පූර්ණයෙන් වලක්වා තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගාසා තීරයේ දේශසීමා ආසන්නයේ හමුදා භටයන් 300,000 ක් මේ වන විට රඳවා ඇති බවයි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන පස්වන දිනටත් අඛණ්ඩව සිදු වන අතර දැනට ලැබී ඇති වාර්තා වලට අනුව පලස්තීනුවන් 1,055ක් සහ ඊශ්‍රායලය වැසියන් 1200 මිය ගොස් තිබෙනවා.
එමෙන්ම 5,000 කට අධික පලස්තීනුවන් ප්‍රමානයක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

