ගංවතුරින් හානි වූ මාර්ග පිළිසකර කිරීමට කඩිනම් පියවර ගන්න – ජනපති

ගංවතුරෙන් හානි වී ඇති සියලුම මාර්ග පිළිසකර කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින අයවැය ප්‍රතිපාදන උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු සියලුම අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව යි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.