ඊශ්‍රායල පලස්තීන ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත්කර හැරීම තාවකාලිකව නතර කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කරනවා.
එසේම මෙම වාතාවරණය යටතේ යළි දිවයිනට පැමිණීමට කැමැත්තක් දක්වන ඊශ්‍රායලයේ සිටින මෙරට ශ්‍රමිකයින් සඳහා ඊට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
දැනට එහි සිටින ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

