ජැක්සන්ගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය කොළඹ බෞද්ධාලෝක මාවතේ ජයරත්න රෙස්පෙක්ට් හෝම් හි දී මහජන ගෞරවය සඳහා මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

පවුලේ ඥාතීන් සඳහන් කළේ ලබන ඔක්තෝබර් 11 සහ 12 යන දෙදින තුළ දී දේහය නො.57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන ලිපිනය සඳහන් ඔහුගේ නිවසෙහි තැන්පත් කර තබන බව යි.

එසේම දේහය පිළිබඳ අවසන් කටයුතු 12වැනි බ්‍රහස්පතින්දා රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදු කිරීමට නියමිත බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස 14ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී ජැක්සන් ඇන්තනී මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.