රට තුළ පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීමේ මූලික අරමුණ ඇතිව ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහා අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර තිබෙනවා.
මේ සමඟ 2022 අංක 9 දරන ශ්‍රී ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (‘PDPA’) සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සිදු වනු ඇත.
අදාළ පනත 2022 මාර්තු මාසයේදී කථානායකවරයා විසින් සහතික කරන ලද අතර, රජයේ ආයතන, බැංකු, ටෙලිකොම් ක්‍රියාකරුවන් සහ රෝහල් ඇතුළු විවිධ ආයතන සතු පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීම සඳහා සම්පාදනය කර තිබෙනවා.
මෙම අධිකාරියේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Ernst & Young ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු සහ හිටපු උපදේශකවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත් කර තිබේ.
හිටපු රජයේ නීතීඥ නිසිත් අබේසූරිය, ජනාධිපති නීතීඥ සෞම්‍යා අමරසේකර, ඩිජිටල් නීති විශේෂඥ හා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පත් කිරීමේ කමිටුවේ සභාපති ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ජාත්‍යන්තර ප්‍රමිති ආයතතයේ සහතිකලත් විගණක හා තාක්ෂණ කළමනාකරණ විශේෂඥ බිම්සර සෙනෙවිරත්න සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු හා ඩිජිටල් උපාය මාර්ග විශේෂඥ ෂෙහාන් විජේතිලක යන මහත්ම මහත්මීන්ව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

