ආනයන සීමා තවදුරටත් ලිහිල් වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වාහන හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම ඉවත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.

ඒ අනුව ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා ආනයන සීමා පනවා තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙලෙස සීමා ඉවත් වනු ඇත.