ඇමරිකාව සිය යුද නෞකා ඊශ්‍රායලයට සමීප කරයි

එක්සත් ජනපදය විසින් සිය ගුවන් යානා වාහක නෞකාවක් සහ යුද නෞකා කිහිපයක් ඊශ්‍රායලයට ආසන්න නැගෙනහිර මධ්‍යධරණී මුහුද අසලට ගෙන ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ USS Gerald R Ford ගුවන් යානා වාහක නෞකාවක්, මිසයිල කෲසර් එකක් සහ මිසයිල විනාශ කරන්නන් හතරක් මෙලෙස ඊශ්‍රායල කලාපයට යමින් සිටින බවයි.

පසුගිය සෙනසුරාදා හමාස් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය පෙර නොවූ විරූ සහ බිහිසුණු ප්‍රහාරයක් ලෙස හැඳින්වූ ඇමරිකානු ජනාධිපති සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලයට අවශ්‍ය හමුදා ආධාර තවත් ප්‍රමාණයක් ඉදිරියේ දී ලබා දීමට සැලසුම් කරන බවයි.

ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර පවත්නා මෙම ගැටුම් වලින් ඇමරිකානු පුරවැසියන් කිහිප දෙනෙක් ද මිය ගොස් ඇති බවයි එරට ආරක්ෂක අමාත්‍යංශය වාර්තා කර තිබෙන්නේ.