ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ලංගම බස් රථ හෝ රජයේ වාහන දුම් පරික්ෂා නොකරන බැවින් එකම සේවයක් කරන තමන් ද ඉන් ඉවත් වීමට තීරණය කළ බවයි.

