ජපාන වේලාවෙන් සඳුදා උදෑසන 5.25 ට පමණ Torishima දූපත අසල රිච්ටර් මාපංකයේ 4.9 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු වී තිබෙනවා.
මේ හේතුවෙන් එරට වෙරළබඩ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අවදානම් නිවේදන නිකුත් කිරීමට එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබෙනවා.
එම අනතුරු ඇඟවීම අමාමි දූපත් සහ ටෝකියාව අසළ චිබා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශ දක්වා ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

