ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනගහනය මිලියන 21 ක් වන අතර රාජ්‍ය සේවකයන් ලක්ෂ 15 ක් සිටින බැවින්, ආසන්න වශයෙන් 12:1 අනුපාතයට ජනගහනය සහ රාජ්‍ය සේවකයන් සිටින බවයි.
එම අනුපාතය ලෝක රාජ්‍ය සේවක අනුපාතය සමඟ ගත් කළ ඉහළ අගයක් ගන්නා බවත්, වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

