ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නාගොඩ. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම. මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට යන ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.