ඉන්දියාවේ ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ආපදාවලට ලක් වූවන් බේරා ගැනීමේ කටයුතු අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 100 කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති අතර තවත් 22 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.
එම මිය ගිය පිරිස අතරට පුද්ගලයන් බේරා ගැනීම සඳහා ගිය හමුදා සාමාජිකයන් 7 දෙනෙක් ද ඇතුළත් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
පසුගිය අඟහරුවාදා දිනයේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් සිකීම් ප්‍රාන්තයේ පිහිටි ලෝනාක් විලෙහි බැම්ම කැඩී ගිය අතර ඒ හේතුවෙන් ලාචෙන් නිම්නයේ ටීස්ටා ගඟේ ජාල මට්ටම විශාල ලෙස ඉහළ යෑමෙන් මෙම ගංවතුර තත්ත්වය ඇති වුණා.
පසුව අසල තිබූ වේල්ලකින් ද ගඟට ජලය මුදා හැරීමෙන් පසු ගංවතුර තවත් උග්‍ර වූ බවයි ආරක්ෂක අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන්නේ.

