වර්ෂාව සමඟ ළමුන්ගේ හතිය තත්ත්වයේ වැඩි වීමක්

වැසි සහිත කාලගුණයත් සමඟ ඇති වී ඇති සීතල හේතුවන් ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පවසන්නේ විශේෂයෙන් ම ළමා හතිය තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.

යම් හෙයකින් දරුවෙක් තුළ හතිය තත්ත්වයේ වැඩිවීමක් ඇති වී ඇත්නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස වෛද්‍යවරයා ඉල්ලීමක් ද කරනවා.

එසේම සීතල තත්ත්වය සමඟ ස්වසන මාර්ගයට ඇති වෙන වෛරස්වල ආසාදන වල වැඩිවීමක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගංවතුර ඇති ප්‍රදේශවල දරුවන්ට පිරිසිදු ආහාර පාන නොලැබෙන්නේ නම් පාචන තත්ත්වයන් ද ඇති විය හැකි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.