පසුගිය වසරේ ඉරානයෙන් අත්අඩංගුවට ගත් උණ්ඩ මිලියන 1.1 ක් පමණ එක්සත් ජනපදය විසින් යුක්රේනයට ලබා දී ඇති බව එරට හමුදා සඳහන් කරනවා.
මැද පෙරදිග මෙහෙයුම් අධීක්ෂණය කරන ඇමරිකානු ආයතනය වන Centcom පවසන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ දී යේමනය බලා යාත්රා කළ රාජ්ය නොවන ඉරාන නෞකාවක තිබී මෙම උණ්ඩ ලබා ගෙන ඇති බවයි.
යුක්රේනයට යුධ ආධාර ලබා දෙන බටහිර රටවල් මින් පෙර සඳහන් කර තිබුනේ යුක්රේනය විසින් පතොරම් භාවිතා කරන වේගයට සාපේක්ෂව ඔවුන්ට ඒවා ලබා දීමේ යම් ප්රමාදයන් සිදු විය හැකි බවයි.

